Tuesday, March 24, 2020

ගඩොල් (Brick) Engineering Technology Sinhala - Construction Technology 1

ගඩොල් (Brick)
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේදී බහුලව භාවිතා කෙරෙන ගොඩනැගිලි ද්රව්ය අතුරෙන් ප්රධාන තැනක් ගනී.ගංගා,වැව්,ඔයවල් ආශ්රිත පහත බිම්වල ගඩොල් තැනීම සදහා සුදුසු මැටි පවතී.මේවාට අවශ්ය ප්රමාණයට වැලි මිශ්ර කර පදම් කරගත් මැටි යොදා අච්චුවල දමා සකස් කරගත් ගඩොල් වියලා පුළුස්සා ගැනීමෙන් ගඩොල් නිෂ්පාදනය කෙරේ.ගඩොල් පිලිස්සීමෙන් ඇතිවන රසායනික ක්රියාවලිය නිසා ගඩොල් ශක්තිමත් ඒකකයක් බවට පත්වේ.ගඩොල් නිපදවීමට යොදාගන්නා රතු මැටි වල ප්රධාන සංඝටක 02ක් අඩංගු වේ.

ගඩොල් වල මිනුම් හා සම්මතයන් පහත වීඩියෝාවන් .....


Like , Comment and shear this video ...

එනම් ඇලුමිනා (Al2O3),සිලිකා වැලි (Sio2) මීට අමතරව 2%ක් පමණ යකඩ ඔක්සයිඩ,මැග්නීසියම්,හුණු සහ සෝඩියම් ලවණ අඩංගු වේ.මෙම එක් එක් ද්රව්ය මගින් ගඩොල් සදහා විවිධ බලපෑම් ඇතිකරයිගඩොල්වල
ශක්තිමත් භාවය කෙරෙහි බලපාන සංඝටක
ඇලුමිනා
ගඩොලට දැඩි බවක් ලබාදේ එමෙන්ම මැටි වලට ස්විකාර්යතාවය ලබාදේ.
සිලිකා වැලි
තෙතමනය උරාගැනීම අවම කරන අතර දැඩි බව,කල් පැවැත්ම සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි.
හුණු
ගඩොල් හැකිලීම අවම කරන අතර අඩු උෂ්ණත්වයකදී සිලිකා ද්රව බවට පත්වේ.එමගින් මැටි අංශු අතර බන්දන ශක්තිය වැඩි කරයි.
යකඩ ඔක්සයිඩ
සුළු ප්රමාණයක් අන්තර්ගත වුවද වැලි මෘදු කිරීමට සහය වේ.එමගින් මැටි අංශු අතර බන්දන හැකියාව වැඩි වේ.ගඩොල් පිළිස්සීමේදී රතු පැහැයක් ගන්නේ මෙම යකඩ ඔක්සයිඩ නිසාය.
මැග්නිසියා
හැකිලීම අවම කරන අතර අදුරු කහ පැහැයක් ගනී.ප්රමාණය ඉක්මවා අන්තර්ගත වුවහොත් ගඩොල දිරාපත් වේ.
ගඩොල් නිෂ්පාදනය කරන ප්රදේශ
◊දංකොටුව ◊බංගදෙනිය
◊මහියංගනය ◊කොටදෙනියාව
◊අම්පාර ◊පොලොන්නරුව
◊අනුරාධපුර ◊මාතර
◊ගඩොල් වර්ග
ගඩොල් වර්ග
01.අතින් සෑදු ගඩොල් (Hand made bricks)
සාමාන්ය ගොඩනැගිලි ඉදිකිරීමේදී මේවා භාවිතා වේ.
02.කම්බියෙන් කැපු ගඩොල් (Wire cut bricks)
මෙය හොද නිමාවකින් සහ වැඩි ශක්තියකින් යුක්තය.කපරාරු නොකරන බිත්ති සදහා භාවිත කල හැක.
03.සම්පීඩිත ගඩොල් (Compressed bricks)
මේවා නිෂ්පාදනය සදහා විශේෂ යන්ත්ර සහ අච්චු උපයෝගී කරගනී.නිවෙස් හෝ පොදු ස්ථානවල බිම ඇතිරීම සදහා භාවිතා වේ.වැඩි ශක්තියකින් යුක්තය.
04.ගිනිගඩොල් (Fire bricks)
වැඩි උෂ්ණත්වයකට ඔරොත්තුදෙන ස්ථාන සදහා භාවිතා කරයි.
05.කුහර සහිත ගඩොල් (Hollow bricks)
මෙහි කුහර තිබෙන නිසා ගඩොල් බර සාමාන්ය ගඩොලකට වඩා අඩුවේ.බර නොදරන බිත්ති සදහා භාවිතා කල හැක.

No comments:

Post a Comment